28.4 C
Colombo
Wednesday, July 9, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 140ක ජයක්

- Advertisement -

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා.

කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත් ව තිබෙනවා.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 291ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 150ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු (3/26), එශාන් මාලිංග (3/35) හා මහීෂ් තීක්ෂණ (3/35) කඩුලු 3 බැගින් දවාගත්තා.

නවසීලන්තය ලැබීමට ගිය දැවැන්ත පරාජයේ බර අඩුකරමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ මාර්ක් චැප්මන් අංක 3 පිතිකරු ලෙස පැමිණ ඉනිමේ අවසන් පිතිකරුවා ලකුණු 81ක් රැස්කරගෙන සිටියදී දැවීගියා.

ඔහු හැරෙන්න ලකුණු 10කට වැඩියෙන් ක්‍රීඩා කිරීමට හැකිවූයේ පිතිකරුවන් තිදෙනෙකුට පමණි.

නවසීලන්ත ඉනිමේ 7වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 21ට 5ක් ලෙසින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් වුණා.

මෙය මෙම ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.

මීට පෙර ඔවුන් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ 2007 වසරේ පැවති තරගයකදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ලකුණු 262/6ක් රැස්කිරීමයි.

එම තරගයෙන්ද ලකුණු 189ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වාහනවල තත්වය බලන වැඩක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,...

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

POPULAR ARTICLES