29 C
Colombo
Friday, June 2, 2023

තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

- Advertisement -

සංචාරක ඉන්දීය කණ්ඩායම (225/10) කඩුලු තුනකින් පරාජය කරමින් දෙරට අතර පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම (227/7) සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩකයින් 5දෙනෙක් මේ තරගයේදී එක්දින වරම් හිමිකරගැනීම විශේෂත්වයක්. ඉන්දීය ඉනිමේ 23වන පන්දුවාරය අවසානයේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 47කට සීමා වුණා.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 147ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක සිටියා. ඒ ඔවුන් පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යනු ඇති බවට ඉඟි පළ කරමින්. නමුත් විනාඩි 100ක පමණ විරා⁣මයෙන් පසු යළි ආරම්භ වූ ඉන්දීය ඉනිම ලකුණු 225කට සීමා කරන්නට ප්‍රවීන් ජයවික්‍රම (3/59) සහ අකිල ධනංජය (3/44) සමත් වුණා.


ඉන්දීය ඉනිම වෙනුවෙන් ප්‍රීති ෂාව් ලකුණු 49ක් සහ මංගල තරගයට ක්‍රීඩා කළ සංජු සැම්සන් ලකුණු 46ක් ලබා ගත්තා.

ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 227ක්. සිය පස්වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76යි. භානුක රාජපක්ෂ සිය මංගල අර්ධ ශතකය වාර්තා කළා. පන්දු 56 කදී ඔහු ලබා ගත් ලකුණු 65ට හතරේ පහර 12ක් අන්තර්ගත වුණා.

චරිත් අසලංක ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු 194ක් ලෙස ප්‍රබල ස්ථානයක පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කරා යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළා. නමුත් සිය මංගල තරගට ක්‍රීඩා කළ රාහුල් චාහ්ර් ලකුණු 26ක් තුල දසුන්, අවිශ්ක සහ චාමික දවාගනිමින් තරගයට යම් ජීවයක් ගෙන එන්නට සමත් වුණා. නමුත් රාහුල්ට තවදුරටත් පන්දුවෙන් විස්කම් පෑමට තරම් ලකුණු සංඛ්‍යාවක් නොතිබීම තුළ 39වන පන්දුවාරය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක ජයග්‍රහණයක් වෙත රැගෙන යෑමට රමේෂ් මෙන්ඩිස් සහ අකිල ධනංජය සමත් වුණා.

අයිසීසී සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ අවසානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවට මෙම ජයත් සමග 11 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකි වුණා. කෙසේ වෙතත් 2-1 ක් ලෙස තරගාවලියේ ජය හිමි වූයේ ඉන්දියාවටයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...