ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය තව ස්වල්ප මොහොතකින් ගාල්ල ක්රීඩාංගනයේදී ආරම්භ වෙනවා.
එම තරගයේ කාසියේ වාසිය ශ්රී ලංකා කණ්ඩායම විසින් දිනාගත්තා .
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවට පහරදීමටයි.
මෙම තරගය නොමිලේ නැරඹීමට ප්රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇති අතර ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21වැනිදා තරගයේ විවේක දිනයක් ලෙස නම්කර තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායම මෙලෙස ශ්රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එක්වන්නේ වසර 5කට පසුවයි.
දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර ඉන් තරග 18ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 9ක් පමණයි.