ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා.
ඒ, ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන්.
මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර ගිවිසුම් අත්සන් කිරීම පෙරේදා (03) දින සිදු වූ අතර මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මුදල් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීමට නියමිත වේ.