27.4 C
Colombo
Wednesday, June 7, 2023

ලංකාවෙ ක්‍රිකට් හොඳටම පිරිහිලා; මට දුකයි – තිලංග සුමතිපාල

- Advertisement -

මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම පත්වී ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව දැඩිලෙස කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල පවසනවා.

යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වර්තමානයේදී කිසිදු ජාතික සැළැස්මක් නොමැති බවත්, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වී ඇති බවත් ය.

ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සැලසුම් සකස් කර ඒවා නිවැරදිව ක්‍රියාත්මක කිරීම තමන් ක්‍රිකට් ආයතනය සම්බන්ධ වී කටයුතු කළ කාලසීමාවලදී නිවැරදිව සිදු වූ නමුත් විවිධ ඇමතිවරුන් විසින් අතුරු පාලන කමිටු පත් කිරීම හරහා එම ජාතික සැළසුම් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

වත්මන් තේරීම් කමිටුවේ සැළසුම් රහිත තීරණ හේතුවෙන් ක්‍රීඩකයන්, ප්‍රේක්ෂකයන්ගේ වෛරයට පාත්‍ර වී ඇති බවත් මේ නිසා ක්‍රීඩකයන්ට ආදරය කළ ප්‍රේක්ෂකයන්ම සමාජ මාධ්‍ය හරහා ක්‍රීඩකයන් විවේචනය කරන තත්වයට, ප්‍රතික්ෂේප කරන තත්වයට පත්ව ඇති බවද තිලංග සුමතිපාල පවසනවා.

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...