2023 වසරේ මුල් මාස දෙකදී මෙරට සුරාබදු ආදායම රුපියල් කෝටි 350කින් පහත වැටි තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන්නේ 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් බවයි.
කෙසේ වෙතත් මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් දක්වා පහළ බැස ඇති බවයි එම දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වන්නේ.
මේ අනුව සුරාබදු ආදායම මේ වසරේ දී සියයට 12.2කින් පහත වැටී ඇති බව අදාළ වාර්තාවල වැඩිදුරටත් වාර්තා වනවා.