27 C
Colombo
Friday, April 19, 2024

මෙරට වැලි මාලදිවයිනට – කියුබ් එකක් රු. 180,000යි

- Advertisement -

ශ්‍රී ලංකාවේ පිරිපහදු වැලි මාලදිවයිනට අපනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

කෙසේ නමුත්, පිරිපහදු වැලි ඉතා සුළු ප්‍රමාණයක් වරින්වර අපනයනය කිරීම සඳහා පමණක් මෙසේ අවසර ලබාදී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

නමුත් මාලදිවයිනේ දූපත් පිරවීමට එම වැලි අපනයනය කිරීමට සිය කාර්යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් එවැනි බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවී නොමැති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිවේදනයේ දැක්වේ.

මාලදිවයින තුළ ඉදිකිරීම් කටයුතුවල නිරත ශ්‍රී ලාංකීය සමාගම්වලට යොදාගැනීම පිණිස මෙම පිරිපහදු වැලි එලෙස ආනයනය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ වනවිට ආසන්න වශයෙන් කියුබ් 8ක්, කියුබ් 1ක් රුපියල් 180,000ක පමණ මුදලකට අපනයනය කරන බවයි තහවුරු වී ඇති බවයි අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ..

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...