27 C
Colombo
Saturday, May 24, 2025

ලෝක මතක ලේඛනයට එකතුවුණ ශ්‍රී ලාංකික ත්‍රෛභාෂා සෙල්ලිපිය

- Advertisement -

මෙරට ත්‍රෛභාෂා සෙල් ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදයට සම්බන්ධ ලේඛන එකතුවක් ලොක ලේඛනයට මතක සටහනක් ලෙස එක්කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය නිවේදනය කර තිබෙනවා.

චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඉදිරිපත් කරන ලද ත්‍රෛභාෂා සිලා ලිපිය චීන, පර්සියානු සහ දෙමළ සෙල් ලිපි සහිත ගල් පුවරුවක් වනවා.

1911 දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු විසින් සොයාගන්නා ලද මෙම ගල් පුවරුව මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය සඳහා තබා තිබෙනවා.

එමෙන්ම එහි අනුරුවක් ගාල්ල ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

පූජනීය කඳුකර සිද්ධස්ථානයකට සිදුකරන ලද පූජාවන් පිළිබඳව අදාළ සෙල් ලිපියේ සඳහන් වනවා.

විවිධ කලාප සහ සංස්කෘතීන් තුනක් නියෝජනය වෙන චීන, දෙමළ සහ පර්සියානු භාෂාවලින් පෙළ ගැසී ඇති එකම ත්‍රෛභාෂා සෙල් ලිපිය මෙය බවද සඳහන් වනවා.

යුනෙස්කෝ ලෝක ලේඛනයට ඇතුළත් වූ පානදුර රන් කොත් විහාරයේ තැන්පත් කර තිබූ 1873දී සිදුවූ පානදුරාවාදය සහ සම්බන්ධ ලේඛන 04ක් ඓතිහාසික සංස්කෘතික, ආධ්‍යාත්මික සහ බුද්ධිමය වශයෙන් ඉමහත් වටිනාකමක් දරන බව යුනෙස්කෝව සඳහන් කර තිබෙනවා.

නවතම ඇතුළත් කිරීම් සමග ලෝක මතක ලේඛනයට මේ වන විට නව ඇතුළත් කිරීම් 570ක් අන්තර්ගත වනවා.

ජාත්‍යන්තර ලේඛනයට අනුව රටවල් 100කට අධික කළාපීය ලේඛන 4ක් සහ ජාතික ලෝක මතක කමිටු නිර්මාණය කිරීමට යුනෙස්කෝව සහයෝගය ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES