විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැනඩාවට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා කිරිමට ඇති අවස්ථාව අහිමි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් මහතා සඳහන් කරනවා.
ඉන්දියාව හා කැනඩාව අතර ඇතිවී තිබෙන ප්‍රශ්නය එම රටවල් දෙක විසින් බේරා ගනු ඇති බවත් අලි සබ්රි මහතා ඒ මැදට පැන අනවශ්‍ය ප්‍රකාශයක් කිරීම හරහා කැනඩාව ශ්‍රී ලංකාව සමග රාජතාන්ත්‍රික අවුලක් ඇති කර ගනු ඇති බවත් ඒ මහතා සඳහන් කළා.
අද වන විටද කොළඹ කැනඩා තානාපති කාර්යාලය ඉදිරියේ වීසා බලාපොරොත්තුවෙන් තරුණ තරුණියන් විශාල පිරිසක් රැඳී සිටින බව පැවසු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් මහතා විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හරහා අඳුරු වන්නේ එම තරුණයන්ගේ අනාගතය විය හැකි බවද පවසනවා.