29 C
Colombo
Sunday, March 16, 2025

කොට උඩ ගියත් සම්මාන ගන්න ශ්‍රි ලංකන්

- Advertisement -

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රි ලංකන් ගුවන් සේවය ඇගයීමකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ ඉන්දියාවේ බැංග්ලෝර් හි පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදි මෙලෙස ඇගයීමට ලක්වූ බවයි.

එමෙන්ම ප්‍රමුඛතව ගුවන් සේවා පන්තිය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ව්‍යාපාරික පන්තිය මෙහිදී ඇගයීමට ලක්ව තිබුණා.

දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රවල සමාගම් ඇගයීමට ලක්කෙරෙන්නේ එහි වෘත්තිකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ මනාප අනුවයි.

පසුගිය වසරේද මෙම සම්මාන උළේලේදී වසරේ විශිෂ්ඨම ගුවන් සේවා සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සේවය හිමිකර ගත්තා.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාව, මාලදිවයින, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු දකුණු ආසියානු ගමනාන්තයන් වෙත සතියකට ගුවන් ගමන් වාර 140 ක් ක්‍රියාත්මක කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES