32 C
Colombo
Friday, April 19, 2024

2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය 8.7% කින් පසුබසිනවා – IMF

- Advertisement -

මෙම වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 8.7% කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් 2022 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 01 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන ආර්ථික ගැලපුම් වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. දූත කණ්ඩායම විසින් සිය සංචාරය අවසානයේ දී අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන්.

“ශ්‍රී ලංකාව උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටී. බාහිර කම්පනවලය ඔරොත්තු දීමට ඇති ආරක්ෂණ ප්‍රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්‍ය ණය තත්ත්වය හේතුවෙන් අවදානම් වර්ධනය වී ඇත. අප්‍රේල් මාසයේ දී විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව නැවැත්වීමත් සමඟ ශ්‍රී ලංකාව තම විදේශීය වගකීම් පියවීම කල් දැමූ අතර, තීරණාත්මක ලෙස අඩු මට්ටමක පවතින විදේශ සංචිත ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වීම මඟින් ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් අඩාල කළේය. 2022 වසරේ දී ආර්ථිකය සියයට 8.7කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර උද්ධමනය සියයට 60ක් ඉක්මවිය. මෙහි බලපෑම අසමානුපාතික ලෙස දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් විසින් දරනු ඇත.“

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...