29.3 C
Colombo
Saturday, April 13, 2024

ශ්‍රී ලංකාවේ අවසන් මහා තරඟ බලාපොරොත්තු සුන් වෙයි

- Advertisement -

කඩුලු දෙකකින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රාහී 285 වැනි ලකුණ ලබා ගනිමින්.

වර්ෂාව හේතුවෙන් දිනයේ පළමු අර්ධය මුලුමනින්ම අහිමි වූ දිනය තුල යැවීමට නියමිත අවම පන්දු වාර ගණන 70ක් වුණා.

ඒ වන විට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියේ ජයග්‍රහණයට ලකුණු 257ක් පිටුපසින් සිටිමින්.

සිව්වන කඩුල්ලට ලකුණු 147ක සබඳතාවක් ගොඩනැගූ විලියම්සන් සහ මිචෙල් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඈතට රැගෙන ගියා.

ලකුණු 81 ලබා සිටි මිචෙල් දවා ගනිමින් යලි තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ තීරණය විසදීම අවසන් පන්දුව තෙක් රැගන ආවා.

නමුත් කේන් විලියම්සන් නවසීලන්තයේ නැංඟුරම වෙමින් පිටියේ රැදී සි⁣ටියේ ජයග්‍රහණය පහසුවෙන් අත්හරින්නට නොවේ.

ඔහු ඒ අතර තුර සිය 26 වැනි ටෙස්ට් ශතකය ද සම්පූර්ණ කර ගත්තා.

නවසීලන්තයට කඩුලු තුනක් අතැතිව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍යව තිබුණා.

පන්දුව බාර කෙරුණේ අසිත ප්‍රනාන්දු වෙතයි.

තුන්වන පන්දුවේදී මැට් හෙන්රි දුවද්දී දැවී ගියේ අවසන් පන්දු තුනට කඩුලු දෙකක් අතැතිව ලකුණු 5ක ඉලක්කයක් ලබා දෙමින්.

අසිත ප්‍රනාන්දු පිට ඉන්නෙන් ඉවතට යොමු කළ සිව්වැනි පන්දුව පොයින්ට් දෙසින් හතරේ සීමාවට යොමු කළ විලියම්සන් තරගයේ ලකුණු සම කළා.

පස්වැනි පන්දුව නිලකුණු පන්දුවක් ලෙස සටහන් වුණා.

අවසන් පන්දුව පිත්තේ දවටා ගැනීමට විලියම්සන් අසමත් වුණත් කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අත⁣ට පන්දුව යන අතරවාරයේ ජයග්‍රාහී ලකුණ වෙනුවෙන් ඔහු දිවගියා.

දික්වැල්ල විසි කළ පන්දුව පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ලේ කෙලින්ම දැවටුණත් විලියම්සන් ඒ වනවිට සිය සීමාවට පැමිණ සිටියා.

ඒ අනුව ටෙස්ට් පිටියේ තවත් වර්ණවත් තරගයක උණුසුම ප්‍රේක්ෂකයන්ට විඳින්නට ඉඩ සලසමින් විලියම්සන් පෙරටු කරගත් කිවියෝ ජයග්‍රහණයේ සතුට සැමරුවා.

ඒත් සමගින් ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වූ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද අවසන් වන තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවට අවස්ථාව හිමිවනවා.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...