23 C
Colombo
Sunday, February 16, 2025

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාවෙයි

- Advertisement -

ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

ඒ අනුව, ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 654ට ලකුණු 489ක් පසුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

තරගය අද (1) සිව්වන දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියා.

කෙසේ නමුත් ඉනිමට තවත් ලකුණු 29ක් පමණක් එක්වන විට ඉතිරි කඩුලු 5ක් දවාගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකිවුණා.

ශ්‍රී ලංකා ඉනිමේ එකම ගැළවුම්කරුවා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 72ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක පිතිහරඹයක නිතර වීමට නොහැකි වුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මැතිව් කුහ්නමන් ලකුණු 63කට කඩුලු 5ක් දවාගත්තා.

ඊට අමතරව නේදන් ලියොන් කඩුලු 3ක් හා මිචෙල් ස්ටාක් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES