2021 ජුනි මස පළමු වනදා සිට 2022 ජනවාරි 31 දක්වා මාස 08ක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු සිංගප්පූරුව පාදක කරගත් සමාගම් 02කට පිරිනැමීමට බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව 92 ඛණ්ඩයේ පෙට්‍රල් බැරල් මිලියන 2.7ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ඕවසීස් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීමට නියමිතයි.
එමෙන්ම 92 ඛණ්ඩයේ තවත් පෙට්‍රල් තොගයක්, සුපිරි ඩීසල් සහ ඩීසල් තොගයක් මෙරට සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමී ඇත්තේ සිංගප්පූරුවේ පෙට්‍රෝචයිනා සමාගම වෙතටයි.

