26.1 C
Colombo
Wednesday, October 4, 2023

ශ්‍රී ලංකන් නඩත්තුවට කෝටි 2770ක් ඉල්ලලා

- Advertisement -

දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මන්ඩල වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් ලබන වසරේ මාර්තු වනතෙක් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 2770ක පමණ මුදලක් ලබා දෙන්නැයි සංචාරක අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.

එම මුදල මහ මහා භාණ්ඩාගාරයෙන් ලබාදිය නොහැකි නම් මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1385ක් සහ ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1385ක් ලෙස ණය මුදලක් වශයෙන් ලබා දෙන්නැයිද අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් ඉකුත් ඔක්තෝබර් මාසය දක්වා පියවා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 1385ක් ඉකුත් අප්‍රේල් මාසයේද ලබාදී තිබිණි.

(මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප)

RECENT ARTICLES - SINHALA

වත්කම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ 225න් 12 දෙනෙක් පමණයි-හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

දුම්රියේ ගැටී බේරුණු දරුවන් දෙදෙනෙක්

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදී මෙම අනතුර...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...