ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.
“ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් වෘත්තීය සමිති අපිත් එක්ක සාකච්ඡා කළේ නෑ ඔවුන් මේ වනවිට තීන්දු කර තියෙනවා අද සහ හෙට උද්ඝෝෂණ ක්‍රියාවන් රට පුරා කරන්න. ඒ ක්‍රියාවලිය ගැන අපිට විරෝධයක් නෑ. ඒවා කතා කරලා කළා නම් සියලුදෙනා එකතු වෙලා කරන්න පුළුවන් වැඩක්. ඔවුන් ඒ ගැන සාකච්ඡා කරලා නෑ. ජවිපෙ ගොඩක් වෙලාවට ඔවුන් මේක පෙරට ගන්නවා කියන එක තමා ඔවුන්ගේ තීරණය.
අපි විශ්වාස කරනවා ඉදිරියේ දී හෝ එකට එකතුවෙලා වැඩක් කළ යුතුයි කියලා. අධ්‍යාපන කේෂ්ත්‍රයේ අරගලවලදී අපි ඔක්කෝම එකට එකතුවෙලා අරගල කළේ. අපි දැනට තීරණය කරලා තියෙනවා බහුජන සංවිධාන එකතුව හැටියට එළැඹෙන 8 වෙනිදා ජාතික විරෝධතා දිනයක් නම් කරන්න.”
මේ අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන විසින් අද (05) සහ හෙට (06) යන දෙදින තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා ක්‍රියාමාර්ග සංවිධානය කර තිබෙනවා.
වෘත්තීය සමිතිවල මැදිහත් වීම මත රාජ්‍ය ආයතන කේන්ද්‍ර කරගනිමින් එම විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.