27.8 C
Colombo
Monday, December 2, 2024

පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා – සජිත්

- Advertisement -

පක්ෂ ජාති ආගම් පන්ති හෝ වෙනත් භේදබින්න වීම්වලින් තොරව පලස්තීන ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් රටක් ලෙස එකට එකතු වී ඇති බවත්, ඒ සදහා ජාත්‍යන්තරය සමග අත්වැල් බැදගෙන කටයුතු කළ යුතු බවත්, කතාවලට නිවේදනවලට සීමා නොවී පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළ සිටියේ, අද කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති United Nations Day for Solidarity with Palestine People සමුළුව අමතමින්.

එසේම පලස්තීනය විනාශ කිරිමේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව රජයත් සමග එකට නැගී සිටින අතර, එක ස්ථාවරයක සිට පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සදහන් කළා.

ඔහු මෙහිදී කියා සිටියේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත් පලස්තීන ජනතාවට සහන දෙන විට, එම ජනතාව ජීවත්වන ස්ථානවලට බෝම්බ හෙළීම සම්බන්ධයෙන් විරුද්ධව ලෝක නායකයන් ද පෙරට ආ යුතු බවත්, කතාව පමණක් නොව ක්‍රියාවද තිබිය යුතු බවයි.

තවද, මේ ඊශ්‍රලය සහ පලස්තීනය යන රටවල් දෙක සහෝදරත්වයෙන් සංහිදියාවෙන් යුක්තව එකට එකතු වී ජීවත් වන යුගයක් වෙනුවෙන් සැවොම කැපවිය යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES