28.9 C
Colombo
Tuesday, June 24, 2025

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

- Advertisement -

වැලිකඩ හා අනුරාධපුරයේ බන්ධනාගාරවල පසුගිය 12 වනදා සිදුවූ සිදුවීම්වලට අදාළව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරී ලෙස හැසිරීමත් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා සිරකරුවන්ට යම් හිංසනයක් පැණවීමත් යන කාරණා සම්බන්ධව මාධ්‍ය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා කර සිටියා.

එම කරුණ හේතුවෙන් රජය අපහසුතාවයට පත් නොකොට තමා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අලාභ වූ දේපොළවලට ජපුර සිසුන්ගෙන් වැඩිපුර සල්ලි අරන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම...

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

POPULAR ARTICLES