28.5 C
Colombo
Wednesday, April 24, 2024

JAT Holdings PLC වෙතින් අති නවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක්

- Advertisement -

2022 ජනවාරි 23- කොළඹ, ශ්‍රී ලංකාව – මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන JAT Holdings සමාගම තම මූලික කොටස් නිකුතුවට සමගාමීව ඉදිරිපත් කළ ආයෝජන සැලසුම් ප්‍රකාරව, අති නවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කළේය. තලවතුගොඩ පිහිටි JAT Holdings හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට යාබදව ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානය සඳහා ඉකුත් ජනවාරි 19 වැනිදා මුල්ගල තැබිණි.

JAT Holdings සමාගම, 2021 ජූලි මස 20 වැනිදා සිදුකළ තම මූලික කොටස් නිකුතුවේදී පෙන්වාදුන් ආකාරයටම කොටස් නිකුතුව හරහා උපයාගත් ආදායමෙන් කොටසක් මෙම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් ආයෝජනය කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත දකුණු ආසියාවේම ගොඩනැගිලි තීන්ත සහ දැව ආලේපන ක්ෂේත්‍රයට අදාළ හොඳම පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර තිබීම ය. මාස 7-9ත් අතර කාලයකදී ඉදිකිරීම් අවසන් වීමට නියමිත මෙහි ගොඩනැගිලි සැලසුම ගෘහ නිර්මාණ ශිල්පී චාමික ද අල්විස් මහතාගෙනි. නවෝත්පාදන පරිසරයක් නිර්මාණය වන පරිදි ඉදිවන මෙම මධ්‍යස්ථානය, දෙස් විදෙස් පර්යේෂණ සහ සංවර්ධන විශේෂඥයින් 20කට වැඩි ප්‍රමාණයකට පහසුකම් සපයනු ඇත. එමෙන්ම FTIR, HPLC, GCMS Pyrolizer, Reverse Engineering සඳහා භාවිත කෙරෙන UV-VISS Spectrophotometers, Radleys සඳහා අවශ්‍ය Ready Lab reactors, Particle size Analyzers, Polymer synthesis සහ polymers ඇගයීම සඳහා අවශ්‍යවන Minimum Film Forming Temperature instruments ඇතුළු උපාංග සහ උපකරණවලින් ද එය සමන්විත වේ. 

ඊට අමතරව විවිධ කාලගුණික තත්ත්ව සහ ආර්ද්‍රතා මට්ටම්වලට අදාළව තීන්ත සහ දැව ආලේපන ප්‍රතික්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීම සඳහා වැඩිදියුණු කළ කාලගුණික මීටර සහ ආර්ද්‍රතා කුටි මෙන්ම මුහුදු හුළඟට නිරාවරණය වන තීන්ත සහ දැව ආලේපන පිළිබඳ පරීක්ෂා කිරීමට යොදාගන්නා ලුණු විදුම් යන්ත්‍ර ආදිය ද මෙම පර්යේෂණ මධ්‍යස්ථානය සතු වනු ඇත. එමෙන්ම අලේපන බඳුනේ රැඳෙන කාලය තුළදීත්, යෙදවුම් ක්‍රියාවලියේදීත් පවතින ලක්ෂණ, ජලයට ඔරොත්තු දීමේ හැකියාව, වර්ණවල නිරවද්‍යතාව ඇතුළු බොහෝ පරීක්ෂණ සිදුකිරීමේ හැකියාවලින් මෙම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය පොහොසත් ය.

ඊට අමතරව දැව ආලේපන, ගෘහ අලංකරණ තීන්ත සහ විශේෂිත යෙදවුම් සඳහා තීන්ත වර්ග ආශ්‍රිත නවෝත්පාදන ද, දැනට පවතින නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ පසු සමෝධානික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ආදිය ද මෙමගින් අපේක්ෂිත සෙසු ඉලක්ක වේ. තව ද, බංග්ලාදේශය, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් වෙත JAT නිෂ්පාදන අපනයන ක්‍රියාවලියට සහාය වීමත්, ඒ හරහා විශේෂයෙන්ම දැව අලේපන ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර සන්නාමයක් බවටJAT පත්කිරීමත් මෙම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ තවත් ඉලක්කයකි. මේ සියල්ල හරහා ප්‍රකට වන්නේ, ශ්‍රී ලංකාව ගෝලීය මට්ටමට ඔසවා තැබීමට JATසතු අඛණ්ඩ කැපවීම ය.

″මෙම අති නවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය වෙනුවෙන් මුල්ගල තැබීම අපට මහත් සතුටකි. අපගේ ආයෝජකයින් සහ ඔවුන් JAT Holdings හරහා සිදුකර ඇති ආයෝජන සම්බන්ධයෙන් අපි මහත් වගකීමෙන් යුතුව කටයුතු කරන්නෙමු. අපගේ පර්යේෂණ සහ සංවර්ධන ශක්තිය වර්ධනය කරගැනීම, අපගේ මූලික කොටස් නිකුතුවේදී ලබාදුන් ආයෝජන පොරොන්දු මාලාවේ පළමු පියවර යි. මෙම ක්‍රමෝපායික ආයෝජනය මගින් සමාගම දියුණු වන අතරේදී, අපගේ සියලු පාර්ශ්වකරුවන්ට ද ප්‍රතිලාභ රැසක් හිමිවන බවට අපි ඉදිරියටත් සහතික වන්නෙමු″, යනුවෙන් නව පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය පිළිබඳ අදහස් දක්වමින් JAT Holdings නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා පැවසුවේය.

මූලික කොටස් නිකුතුවේදී ලැබුණු ආයෝජනවලින් කොටසක් යොදවමින්, WHITE by JAT සන්නාමය වෙනුවෙන් බංග්ලාදේශය තුළ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට ද සමාගම සැලසුම් කර තිබේ. එමෙන්ම ඉදිරියේදී නැගෙනහිර අප්‍රිකාවේ ද නව කර්මාන්තශාලාවක් විවෘත කිරීමට ද සමාගම බලාපොරොත්තු වෙයි.

RECENT ARTICLES - SINHALA

බස්නාහිර ත්‍රීරෝද රථ නියාමනයට ජූනි 30 දක්වා කල්දෙයි

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා. ත්‍රීරෝද...

අල්ලස් ගත් ක්වාසි අධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක අල්ලක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුව පුත්තලම...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...