28.7 C
Colombo
Wednesday, April 24, 2024

දුම්රිය ගාස්තු 60%කින් පමණ ඉහළ දැමීම ගැන ස්ථානාධිපතිවරුන් කණස්සල්ලෙන්

- Advertisement -

නගරාන්තර, හා දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු 50-60% පමණ ඉහල දැමීමට දුම්රිය බලධාරින් කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් මඟි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉදිරියෙදි සමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව හා වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහල යාමේ අවදානමක්ද ඇතිවි තිබෙන බවත් මේ වනවිට ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින නිසා මේ අවස්ථාවෙදි දුම්රිය ගාස්තු ඉහල යාම සුදුසු නොවන බවත් එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සදහන් කර සිටිනවා.

update

අද (24) පස්වරුවේ දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ නව ගාස්තු ඇතුළත් ලිපිය තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිසිදු දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවයි ඒ මහතා පවසන්නේ.

නමුත් අද රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එළඹෙන සඳුදා, හෝ අඟහරුවාදා දිනවලදී දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමක් සිදු විය හැකි බවට අමාත්‍යවරයා සඳහන් කළා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරින් සමග ගාස්තු වැඩිවීම පිළිබඳ වන සාකච්ඡාව අද පස්වරුවේ සිදු කිරීමට නියමිත අතර, කිසියම් අයුරකින් මාධ්‍ය වෙත තවමත් එකඟ නොවූ ගාස්තු වැඩි කිරීමේ ලිපිය මුදා හැර ඇති බව ද අමාත්‍ය අමුණුගම සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...