29 C
Colombo
Sunday, October 1, 2023

අපි සහය නොදුන්නේ ශ්‍රී ලංකාව IMF ගිය නිසා – චීනය කියයි

- Advertisement -

ශ්‍රී ලංකාවට චීනය විසින් සහාය ලබා දෙන්නේ කිසියම් රජයක් හෝ පක්ෂයක් මත පදනම්ව නොව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්ම පමණක් බව මෙරට චීන තානාපති චී ෂෙන්හොං පවසනවා.

බලයේ සිටින රජය කුමක් වුවත්, චීනය ශ්‍රී ලංකා ජනතාවට නිරන්තරයෙන් සහය පළ කරන බවයි ඔහු අවධාරණය කරන්නේ.

චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද පැවැත්වූ සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය සහය ලබාදීම සඳහා වූ සාකච්ඡා මන්දගාමී වූයේ ලක් රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම නිසා බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං පවසන්නේ.

විදේශ ණය පියවීම් තාවකාලිකව අත්හිටවූ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සකස් කිරීමට අපේක්ෂා කරනවා. එහෙත්, එවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ද්විපාර්ශවික ණය වැඩසටහන සඳහා ඉදිරියේ දී බලපෑම් ඇති කරන බව චීනයේ අදහසයි.

මේ අතර චීනය, පසුගිය වසරේ ජූලි සිට 2022 ජනවාරි දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමකින් යුත් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වෙත ලබා දී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව දැනටමත් ගෙවා ඇත්තේ, නැව් 7කට අදාළ මුදල් පමණක් වන අතර, ගෙවීමට නියමිත නැව් 12ක් සඳහා ඩොලර් මිලියන 390ක් ද ගෙවා ඇති බවයි සඳහන් වන්නේ.

තවද, ඉතිහාසයේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කළ බටහිර සංවර්ධිත රටවල් ද පැමිණ උදව් කළ යුතු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් නිවේදනයක් මගින් පවසා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ක්‍රිකට් ගැන බලන්න ජාත්‍යන්තර කමිටුවක්

ක්‍රිකට් සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා. සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන්...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...