පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඒ අනුව 2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවයි.
2029 වසරෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙනවා.