23 C
Colombo
Friday, February 14, 2025

ආචාර්ය ගැටලුව ගැන CIDයට ප්‍රකාශයක්

- Advertisement -

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාට කල දැනුම්දීමකට අනුව ඔහු එහි පෙනී සිටිමින් මෙම ප්‍රකාශය ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ.

ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි දෙවන අවස්ථාව මෙය බව සදහන්ෙ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේකම් කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේයි.

මෙම තත්ත්වය තුළ ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා.

කෙනේ නමුත් මීට පෙර පාර්ලිමේන්තු නිලධාරීන් 08 දෙනෙකු පමණ එම දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් වූ බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගියදා පැමිණිල්ලක් සිදු කළා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES