33 C
Colombo
Friday, April 19, 2024

ලොහාන්ගෙන් හිංසාවට පත් සිරකරුවන්ගෙන් තවමත් ප්රකාශ ලබාගෙන නෑ

- Advertisement -

හිටපු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී ගිණි අවියක් පෙන්වා සිරකරුවන්ට කිසියම් ආකාරයක හිංසාවන් පැමිණවීමේ සිද්ධියට දින තුනක් ගත වී ඇතත් මෙතෙත් අදාල සිරකරුවන්ගෙන් කිසිදු ප්රකාශයක් ලබාගෙන නොමැති බව The Morning වාර්තා කරනවා.

පුවත්පත විසින් විමසීමේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා ඇත්තේ තවමත් පරීක්ෂණයක් ආරම්භ කර නොමැති අතර හෙට දිනය වන විට අදාළ සිරකරුවන්ගෙන් ප්රකාශ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම රත්වත්තේගේ ක්‍රියාවන් ප්‍රතික්ෂේප කළ බවට තමන් මීට පෙර සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් “මම කිව්වේ ජනමාධ්ය කියන සියල්ල නිවැරදි නොවන බව පමණයි” යැයි ඔහු පවසා තිබෙනවා.

තමන් විසින් සිදු කළ ක්‍රියාවන් සම්බන්ධයෙන් වරද භාරගනිමින් ලොහාන් රත්වත්තේ විසින් සිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අද සමු දුන්නා.

කෙසේ නමුත් ඔහු තවදුරටත් සිය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තව දුරටත් රැඳී සිටිනු ඇති.


RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...