දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු කිරීමට දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බව පවසමින්.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අද (13) දින දුම්රියන් ධාවනය නො වන බැවින් දුම්රිය භාවිත නො කරන ලෙසයි.
වැඩවර්ජනයේ නිරත ස්ථානාධිපතිවරන්ගේ සංගමය පවසන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමක මහත්වරුන් හා කණිෂ්ඨ කාර්‍යමණ්ඩලයේ කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවයි.
දුම්රිය මඟීන් හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව සෘජුවම සම්බන්ධ වන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් ආසාදිතයින් වාර්තා වූ ඇතැම් දුම්රිය ස්ථානවල ආසාදිත සේවකයා ඉවත් කර ඉතිරි ආශ්‍රිත සේවකයින් යොදාගෙන සේවය පවත්වාගෙන යාමට ද ඇතැම් අවස්ථාවල දී උපදෙස් ලැබී ඇති බවත් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ වන විටත් ආසාදිතයින් 93ක් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම විනා අදාළ තොරතුරු පවා දෙපාර්තමේන්තුව සතු ව නො මැති බවටද එම සංගමය චෝදනා කරනවා.