පෙර දැනුම්දීමකින් තොරවම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරන්නේ දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.
දුම්රිය වර්ජනය හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා පවසනවා.
කෙසේ වෙතත් කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා සදහන් කරනවා.