28 C
Colombo
Sunday, October 1, 2023

බස්නාහිර තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

- Advertisement -

අත්‍යවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවන කොවිඩ් රෝගීන්ගේ මූලාශ්‍ර සොයාගෙන යෑමේදී ඉන් බොහෝ දෙනෙකු බස්නාහිර පළාතේ හෝ කොළඹ නගරයේ සිට ඒ ඒ පළාත්වලට ගිය අය බව සොයාගෙන ඇත.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“ඉතාමත් සංකීර්ණ තත්ත්වයක් පැන නැගිලා තියෙන්නේ. කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ අපි හුදකලා කරලා තිබුණත් විවිධ හේතු මත අත්‍යවශ්‍ය සේවා සඳහා අවසර ලබා ගන්නවා. යම් යම් ප්‍රදේශවලින් සේවකයෝ සහ කාර්ය මණ්ඩල ඇතුළුවීමට ඉඩ ලබාදීලා තියෙනවා. මේ ක්‍රමවේද හේතු කරගෙන තවදුරටත් කොළඹ නගරයේත් කොළඹ නගරයෙන් පිටතටත් ජනතාව සංක්‍රමණයවීම නොකඩවා සිද්ධ වෙනවා. දැඩි අවදානම් කියන ප්‍රදේශ හරහා ජන සංසරණය අපි උපරිමයට පාලනය කලත් මේක තවත් සිද්ධ වෙනවා. ඒ නිසාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් මතුවෙනවා. ඒ මූලාශ්‍ර හොයාගෙන යනකොට බොහෝ දෙනෙක් කොළඹ නගරයේ, බස්නාහිර පළාතේ සිට ඒ ඒ පළාත්වලට ගිය අය බව හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ, කොළඹ ඇතුළු බස්නාහිර පළාතට අත්‍යවශ්‍ය හේතුවක් නැතුව ඇතුළුවීමටත් පිටවෙලා වෙනත් පළාත්වලට යෑමෙන් වළකින්න කියලා.”යන්නයි.

RECENT ARTICLES - SINHALA

සුදු ඉර මතදී හෙදියට වූ හදිය

පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබු ගැබිනිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට...

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...