32 C
Colombo
Thursday, March 28, 2024

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට පියවර

- Advertisement -

උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඒ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඒ අනුව, බාලවයස්කාර දරුවෙකුගේ විවාහය සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවාහ සහ දික්කසාද පනතේ 11 කොටස අවලංගු කිරීම සහ එහි ඇති අනනුකූලතාවන් ඉවත් කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම කෙටුම් පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනවා.

නව සංශෝධන ඇතුළත් මුස්ලිම් විවාහ නීති කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබුණු බවත් ඒ අනුව විශේෂඥ කමිටුවක් එ සඳහා පත් කළ බව කී අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවේ නිර්දේශ මේ වන විට ලැබී ඇති බව සඳහන් කළේය. සංශෝධන රාසියක් ඇතුළත් පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයිද කාන්තාවන්ගේ කැමැත්ත ද්වී විවාහ ආදී කරුණු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කළ බවත් සති කිහිපයක් ඇතුළත අවසාන තීරණ ලබා ගැනීමෙන් පසු මෙම නීතිය කෙටුම්පත් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද පෙන්වා දෙනවා.

වර්තමානයට ගැළපෙන සහ ජනතාව අතර අසමගිය ඇති නොවන පරිදි මෙම නීතිය සශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ලාභයක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා...

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...