31 C
Colombo
Wednesday, February 12, 2025

අරුවක්කාලු වෙත අපද්‍රව්‍ය බැහැර කිරීමට පියවර

- Advertisement -

අරුවක්කාලු කසළ රඳවනයට ඉදිරි මාස 4 ඇතුළත අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පියවර ගන්නා බව නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, දැනට හේතු කිහිපයක් හේතුවෙන් කසළ රඳවනය ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව කාර්මික දෝෂවලට ලක්වී ඇති කැලණිය ප්‍රදේශයේ ස්ථාපිත කසළ තෙරපුම් කරන යන්ත්‍ර තුන අලුත්වැඩියාව සඳහා චීන සමාගම් වෙත දැනුම් දී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

අරුවක්කාලු ප්‍රදේශයට බැහැර කරන කසළවල අපජලය පිරිසුදු කිරීමේ පිරිපහදුවේ අඩුපාඩු මග හරවා ගැනීමට ද නියමිතයි.

ඉන් අනතුරුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතනවල කැළි කසළ දුම්රියෙන් අරුවක්කාලු වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා.

මේහිදී දිනකට මෙට්‍රික්ටොන් 6200ක ධාරිතාවක් අරුවක්කාලු වෙත ඒ අනුව රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

2016 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මේ දක්වා අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ තාක්ෂණික හා ඉදිරිකීරිම් සැලසුම්වල ගැටලු කිහිපයක් හේතුවෙන්.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...