26 C
Colombo
Friday, February 14, 2025

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

- Advertisement -

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා සඳහන් කළේ, පනතේ 41 හා 42 වගන්ති සංශෝධනය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ගේ නිරීක්ෂණ මේ වනවිට අමාත්‍යංශයට ලැබී ඇති බවයි.

ඒ අනුව එම නිරීක්ෂණ ද ඇතුළත් කොට නීති කෙටුම්පත් සම්පාදක විසින් අවශ්‍ය සංශෝධන සිදු කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඒවා නිතීපතිවරයා වෙත යොමු කර ලැබෙන අනුමැතියෙන් අනතුරුව සංශෝධන කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතයි.

ඉන් පසු විහාර දේවාලගම් පනතට ගෙන එන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

විහාර දේවාලගම් පනතේ පවතින අඩු පාඩු නිවැරදි කරමින් වර්තමානයට ගැලපෙන ලෙස නීති සංශෝධනය මෙම සංශෝධන හරහා සිදු කෙරෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...