30 C
Colombo
Tuesday, April 29, 2025

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බවයි.

පසුගිය 20 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ, පසුගිය පෙබරවාරී 28 වැනිදායි.

ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන්.

RECENT ARTICLES - SINHALA

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ඉහළට

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයේ මුලික වාර්තාවට අනුව...

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව...

POPULAR ARTICLES