වනඅලි සඳහා වෙන්කර ඇති අලි කොරිඩෝ අවහිර කරමින් සැකසූ සියලු අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර ගන්නා බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසනවා.
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි කලක පටන් මෙරට ගොවිබ්ම්වලින් වාර්තා වුණා.
නමුත් මෑතකාලීනව එම හානි තීව්‍ර වී ඇති පසුබිමක වැඩිම හානියක් වාර්තා වන්නේ වනඅලි ගම්වැදීම හේතුවෙන්.
එලෙස ගම්වදින වනඅලි හම්බන්තොට බඳගිරිය තම්මැන්නාව ගම්මානයේ කුඹුරු අක්කර 100කට පමණ හානි පමුණුවා තිබුණා.
අලිවැට අක්‍රියවීම් මෙන්ම ජනතාවගේ ඇතැම් ක්‍රියාකලාපයන්ද හේතුවෙන් වනඅලි ගම්වැදීම වගාවන්ට පමණක් නොව, ජන ජීවිතවලටත්, වනඅලි ජීවිත වලටත් උදාකර ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්.
මෙවන් පසුබිමක පොළොන්නරුව මහවැලි සී කලාපයේ සිරිපුර ගම්මානයේ ගොවීන් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණා
මින්නේරිය, කවුඩුල්ල, සෝමාවතිය, වස්ගමුව සහ ජලගැලුම් නිම්නයට වනඅලීන්ට ගමන් කිරීමට පවතින හුංගමාලඔය අලි කොරිඩෝව ඇතුළත් කලාපය තුළ අනවසර වගාකටයුතු සිදුකිරීමක් සම්බන්ධව සාකච්ඡා එහිදී කෙරුණා.
අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා හුංගමාලඔය අලි කොරිඩෝව නිරීක්ෂණයට පැමිණියා.