28.8 C
Colombo
Wednesday, March 26, 2025

ශානිගේ  ආරක්ෂාවට STF යෙදවීමේ තීරණයක්

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට සහ පෞද්ගලික පිස්තෝලයේ බලපත්‍රය නැවත ලබා දීමට ඇති හැකියාවත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (18)  නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

සිය ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා ගොනු කළ රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂි මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නැවත සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති  බවයි වාර්තා වෙන්නේ.

එහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පවසා ඇත්තේ සිය සේවාදායකයාට රාජකාරි කාලය තුළ ද ජීවිතයට තර්ජන එල්ල වූ බවයි.

මේ හේතුවෙන්, ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට කටයුතු කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා තිබෙනවා.

එහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ, ශානී අබේසේකර මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8දෙනෙකු අනියුක්ත කර ඇති බවයි.

නමුත් පොලිස් නිලධාරීන් තුනක් හෝ හතරක් පමණක් ආරක්ෂා කටයුතු සැලසීමේ කටයුතුවල නිරතව සිටින බව ශානි අබේසේකර මහතාගේ නීතිඥවරයා නැවතත් පෙන්වා දුන්නා.

මෙම පෙත්සම පෙබරවාරි 21 වැනිදා නැවත සලකා බැලීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු රජයේ රැකියාවක්...

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

POPULAR ARTICLES

මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම  මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු රජයේ රැකියාවක්...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...