මන්නාරම නගරයේ පිහිටි කිතුණු දේවස්ථාන කීපයකටම ඊයේ (13) දහවල් හා රාත්‍රි කාලයේ ගල්මුල් ප්‍රහාර එල්ලවී තිබෙනවා.
අදාළ ප්‍රහාරවලින් මන්නාරම නගරය හා ඒ ආශ්‍රිත කිතුණු දේවස්ථාන 4 කට පමණ අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිදුවීම සම්බන්දයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
මන්නාරම පොලිසිය සඳහන් කලේ මෙම ප්‍රහාර එල්ල වන ආකාරය අසල පිහිටි CCTV කැමරා කීපයකම සටහන්වී ඇති අතර ඒ ඔස්සේ මෙම පහරදීම් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.