32 C
Colombo
Sunday, June 4, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කල්ලි බෙදීම නවතා කොවිඩ් පාලනය කරන්න

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර තිබෙන බෙදීම හේතුවෙන් කොරෝනා වෛරසය පාලනයට බාධා ඇති වී තිබෙන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

ඊයේ (17) රූපවාහිනී වැඩසටහනක් සමග සම්බන්ධවෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඒ බව සඳහන් කරන ලදි.

“අපෙත් ප්‍රශ්නෙ තියෙන්නේ අමාත්‍යාංශ අතර සම්බන්ධතා හුඟාක් අඩුයි. මම දන්නම දෙයක් තමයි අපේ අමාත්‍යාංශ එකට වැඩ කරන්නෙ නෑ. අපේ රට ඉදිරියට යන්නෙ නැති ප්‍රධාන හේතුවක් තමයි ඒක. මේ වෙලාවෙ හරි පෞද්ගලික දේවල් පැත්තකින් තියලා රට ගැන හිතලා වැඩ කරන්න ඕනේ. සමහර අයට අමතක වෙලා තියෙන්නේ මේකෙන් අපි ඔක්කොම මැරෙනවා කියන එක.

මම ආයෙත් කියන්නේ මම දකින ප්‍රධානම උවදුර තමයි අපි එකට වැඩ කරන්නේ නැති එක. අමාත්‍යාංශය තුළත් දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න. හරි විදිහෙ පරිපාලනයක් කරන්න ඩේටා ශෙයා කිරීම අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර සම්බන්ධීකරණය වැඩි කරන්න අවශ්‍යයි. නිවරැදි ඩේටා ප්‍රමාදයකින් තොරව ලැබිය යුතුයි. එහෙම නැතුව පාසල් ඇරීම වගේ කරුණු ගැන හිතන්නවත් බෑ.

හැබැයි තව පැත්තකින් අපේ ජනතාව හැසිරෙන විදිහ වැරදියි. මොකද දැන් හදිසියෙවත් එක පාරටම රට ඇරියොත් හැමෝම එළියට බහිනවා. බටහිර රටවල ඊට වැඩිය විනයානුකූලව කරනවා. අපේ ජනතාවට පැහැදිලි ලෙස කිව්වෙ නැත්නම් මොකක් ද කළ යුතු දේ කියලා එයාලා හිතලා මතලා තීරණ ගන්න ස්වරූපය අඩුයි.” යැයි ඒ මහතා පවසයි

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.