29 C
Colombo
Thursday, April 18, 2024

තරුණයින්ට ෆයිසර් දීම දැන් නවත්වන්න – අමාත්‍යවරයාට දැනුම්දීමක්

- Advertisement -

තරුණ ප්‍රජාවට කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීම නවත්වන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැනුම්දීමක් කර සිටිනවා.

වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට මේ දිනවල ඇමරිකානු ෆයිසර් එන්නත ලබාදීම සිදුවන අතර එය ලබා නොදී ඔවුන්ට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාදෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා හට දැනුම්දීමක් කළ බවයි එම සංගමය පවසන්නේ. එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා පෙන්වාදෙන්නේ අදාල වයස් කාණ්ඩයට සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බව මේ වන විට නිර්දේශ වී ඇති බවයි.

සයිනොෆාම් එන්නතේ තොග අවශ්‍ය ප්‍රමාණයට ලැබෙමින් පවතින බැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධව යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු දැන්වූ බවත් එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් සිටින බව දැණ්වූ බවත් එම සංගමය නිවේදනය කර සිටිනවා.


එබැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...