ඥානා මෑණියන්ගේ නිවසට දැඩි පොලිස්-හමුදා ආරක්ෂාවක්

අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා යනුවෙන් ප්‍රසිද්ධියට පත් කාන්තාවගේ නිවස ඉදිරිපිට යළිත් වරක් ජනතාව ‍රැස්ව උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා. ඒ, රට පාලනයට උපදෙස් සපයන්නේ ඇය බවට චෝදනා කරමින් කෙසේ වෙතත් එම නිවසට පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා දැඩි ආරක්ෂාවක් සපයා තිබුණා.