31 C
Colombo
Wednesday, February 12, 2025

ප්‍රබල අපරාධකරුවන් ලංකාවට ගේනවා – අනුර

- Advertisement -

විදෙස් ගතව සිටින ප්‍රබල අපරාධකරුවන් 65 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සාකච්ඡාවකට ඊයේ(21) එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“අපේ රටේ නම ගිය අපරාධකරුවන් විදෙස් රටවල ඉදන් මෙහෙයවනවා. ඒ 65 දෙනෙකුට මේ වනවිටත් රතු වරෙන්තු අරන් තියෙනවා.අපි සාකච්ඡා කරමින් තියෙනවා ඔවුන්ව ලංකාවට කැඳවන්න. තව කණ්ඩායමක් බන්ධනාගාරයේ ඇතුළේ සිට මෙහෙයවනවා. අපි ඒ ප්‍රධාන අපරාධකරුවන් එක මූලස්ථානයකට ගෙනිහිල්ලා අපරාධ ඇතුලේ ඉදන් මෙහෙයවන්න බැරි තත්වයක් අපි හදනවා. අපි ඒකට තීරණයක් ගත්තා…

අපේ රටේ හමුදාව ඉතාමත් නීත්‍යානුකූලව ගෞරවාන්විත රැකියාවක් කරනවා. හැබැයි ඒ ලක්ෂ ගණනක් වන හමුදාවටත් අපකීර්තියට පත්වෙන සිදුවීම් ටික්ක මේ අපරාධ ලෝකයේ තියෙනවා. එක් හමුදා කඳවුරකින් 56 ගිනි අවි 73ක් පාතාලෙට ගිහිල්ලා තියෙනවා. ඒ 73න් මේ වෙනකොට අපි 38ක් හොයාගෙන තියෙනවා. තව 35ක් අපරාධ කල්ලි අතේ ගැවසෙනවා…

සමහර අපරාධයන්ට සමහර උසස් ආරක්ෂක නිලධාරීන්ගේ සබඳතා තිබූ බවට හෙළිදරව් වෙලා තියෙනවා…

අපි අලුත් පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අලුත් ව්‍යුහයක් හැදුවා.ඒ අලුත් ව්‍යුහය අපිට රාජ්‍ය සේවා කොමිසන් ස්භාවේ අනුමත කරගන්න ඕනකම තිබුණා. දැන් අපිට ඒවා පොලිස් කොමිසමෙන් අනුමත කළා. පහුවදා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා නව ව්‍යුහයක් අපි හදලා තියෙනවා…”

RECENT ARTICLES - SINHALA

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

POPULAR ARTICLES