27.4 C
Colombo
Wednesday, June 7, 2023

වනිඳුට ජාත්‍යන්තර කවුන්සිලයෙන් දැඩි අවවාද

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංගහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

ඒ පසුගිය 30 වනදා ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරඟයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙනි.

මේ තරඟයේ දී වනිඳු ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8ක වගන්තිය හෙවත් “ජාත්‍යන්තර තරඟයකදී විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම” උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ එක් අප්‍රසාද ලකුණක් සහ තරඟ ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් ද නියම කර තිබෙනවා.

හසරංග තරඟයේ ක්‍රියාත්මක කළ තෙවැනි පන්දුවාරයේ දී නජිබුල්ලා සද්‍රන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව ප්‍රතික්ෂේප වුයේ මුලින් පිටියේ විනිසුරු විසින් දැවී යාමෙන් සළකුණු කිරීමෙන් පසුවයි.

තෙවන විනිසුරුගේ තීරණයෙන් කෝපයට පත් වූ වනිඳු යෝධ තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්‍රසාදය පළ කළා.

තරඟයෙන් පසුව ICC තරඟ තීරක මණ්ඩලයේ රංජන් මඩුගල්ල විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විභාගයේ දී හසරංග එම වරද පිළිගැනීම හේතුවෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

තරඟයේ පිටියේ විනිසුරුවන් වන නිතින් මෙනන් සහ ලින්ඩන් හැනිබල්, තුන්වන විනිසුරු රවීන්ද්‍ර විමලසිරි සහ සිවුවැනි විනිසුරු රුචිර පල්ලියගුරුගේ විසින් මෙම චෝදනා එල්ල කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...