30.6 C
Colombo
Thursday, April 25, 2024

චීනයේ දේශසීමා වැඩ ගැන ඇමෙරිකාව තදින්

- Advertisement -

ඉන්දියා-චීන සැබෑ පාලන රේඛාව (LAC) හරහා චීනය සිදුකිරීමට උත්සාහ කරන ඒකපාර්ශ්වික මැදිහත්වීම් වලට සහ ආක්‍රමණයකට තමන් විරුද්ධ බව එක්සත් ජනපදය පවසයි.

එක්සත් ජනපදය මේ බව ප්‍රකාශ කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඉන්දියා-චීන දේශසීමාවේ ස්ථානගත කර සිටින මහජන විමුක්ති හමුදාවේ සොල්දාදුවන් හමුවී ඔවුන්ගේ සටන් සුදානම පරික්ෂා කිරීමෙන් දින කිහිපයකට පසුවයි.

ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරන ලද, ෂී ජින්පින්ග් සටන් සූදානම පරීක්ෂා කිරීම පිලිබඳ ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන්, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක වෙඩන්ට් පටෙල් පෙන්වාදී ඇත්තේ, එක්සත් ජනපදය චීනයේ මෙම හැසිරීම සමීපව නිරීක්ෂණය කරන බවයි.

දේශසීමාව හරහා හෝ පාලන රේඛාව හරහා ආක්‍රමණ සිදුකිරීමට හෝ මිලිටරි සහ සිවිල් වැසියන් හරහා භුමිය අත්පත් කරගැනීමට හිමිකම් ප්‍රවර්ධනය කිරීමට හෝ දරන ඕනෑම ඒකපාර්ශ්වික උත්සාහයකට ඇමෙරිකාව දැඩි ලෙස විරුද්ධ බවද පටෙල් අවධාරණය කර ඇත.

මතභේදාත්මක දේශසීමා මායිම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පවතින ද්විපාර්ශ්වික මාර්ග භාවිත කිරීමට එක්සත් ජනපදය ඉන්දියාව සහ චීනය දිරිමත් කරන බවද පටෙල් තවදුරටත් පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...