25 C
Colombo
Saturday, May 24, 2025

සිසුවිය මියයෑමේ සිද්ධිය: ටියුෂන් ආයතනයේ හිමිකරුගෙන් පැමිණිල්ලක්

- Advertisement -

16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තමාගේ නමට අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

මියගිය අදාළ සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම හේතුවෙන් තමා ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුවවූ පසුව පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බව ද එම පුද්ගලයා සඳහන් කළා.

තමාගේ පින්තූර යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීම තුළින් තමා අපහසුතාවයට පත්ව ඇති බවත් එය කවුරුන් හෝ සිතාමතා සිදුකරනු ලබන්නක් බවට තමාට සැකයක් ඇති බව ද අදාළ පුද්ගලයා පවසනවා.

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි ඩිල්ෂි අම්ෂිකා නමැති 16 හැවිරිදි සිසුවියක් එහි 6 වැනි මහළෙන් පැන දිවිනසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදායි.

ඇය දිවි නසාගත්තේ දරුණු මානසික පීඩනයකින් වේදනා විඳිමින් සිටි නිසා බවට මව්පියන් ප්‍රකාශ කළා.

ඒ බම්බලපිටියේ පාසැලක ඉගෙනුම ලැබූ සිය දියණියට එහි ගුරුවරයෙකු විසින් අතවර කර ඇති අතර එය යළිත් වරක් පෞද්ගලික උපකාරක පංතියක හිමිකරුවෙකු විසින් ඇය මානසික පීඩනයකට ලක්වූ බව කියන සිද්ධීන් හේතුවෙන්.

කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ, දැරියගේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්වීම හේතුවෙන්, දැරියගේ ඥාතීන්ගේ පාර්ශ්වය විමර්ශන සඳහා කිසිඳු සහායක් ලබානොදෙන බව‍යි.

දිවි නසාගත් සිසුවිය පවුලේ අභ්‍යන්තර සිදුවීමක් හේතුවෙන් වයස අවුරුදු 13දී මානසික ආතතියට ලක්ව ඇති බවත් ඊට රජයේ රෝහලක මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ, පාසල් ගුරුවරයෙකු තමාට අතවර කළ බවට සිසුවිය මනෝ වෛද්‍යවරයෙකු පැවසීමෙන් පසුව දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත යොමුකර තිබෙන බවයි.

අදාළ පාසල් ගුරුවරයා සම්බන්ධයෙන් විමර්ශනය කළ බම්බලපිටිය පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය අතර අද පස්වරුවේ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සිසුවිය මියයෑමේ සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

POPULAR ARTICLES

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

රත්තරන් තුවක්කුවේ සිද්ධිය: දුමින්ද අද අධිකරණයට

මේ වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරමින් පසුවන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හැව්ලොක් සිටි සුපිරි නිවාස...

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...