27 C
Colombo
Saturday, October 12, 2024

මත්පැන් හොරෙන් පානය කළ සිසුන් සිහිසුන්ව වැටිලා

- Advertisement -

කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම මත්පැන් බෝතලය එක් පාසල් සිසුවෙකුගේ මාමා කෙනෙකු විසින් රැගෙන විත් නිවසේ තබා තිබියදී පාසල් සිසුවා එය හොරෙන් ඊයේ(11) පාසලට රැගෙන ගොස් අතර මැද ස්ථානයක සගවා තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම සිසුන් විසින් සවස් කාලයේ පැවති උපකාරක පන්තිය හමාර වීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කොට මත්පැන් පානය කර තිබෙනවා.

ඉන් ස්වල්ප වේලාවකින් පසුව සිසුන් හතර දෙනාම එක දිගටම වමනය කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් පාර අයිනේ සිහිසුන්ව ඇද වැටී තිබු බවට වාර්තා වනවා.

එම අවස්ථාවේ පාරේ ගිය එක් පුද්ගලයෙකු එක් සිසුවෙකුව හදුනා ගෙන ඔහුගේ පියාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර එම පියා හා පාරේ ගිය පුද්ගලයා එක්ව සිසුන් හතර දෙනාව රෝහල් ගත කොට ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...