24 C
Colombo
Thursday, February 13, 2025

සුබාෂ්කරන් අර්බුදයක. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ඉවතට

- Advertisement -

‘මොණරා’ වෙබ්අඩවියේ මෙන්ම ‘ඔරුවන්’ පුවත්පතේ සහ ඩිජිටල් අංශයන්හි සේවය කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම 2025 ජනවාරි මාසයේ අවසානයේ සිට සේවයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

එම පුවත්පත් සහ වෙබ් අඩවි අයත්වන South Eye (pvt) Limited ඩිජිටල් මාධ්‍ය සමාගම මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයක් හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

South Eye පුද්ගලික සමාගමේ මානව සම්පත් කණ්ඩායම් ප්‍රධානී විසින් ප්‍රවෘත්ති සංස්කාරවරිය වෙත යොමු කරන ලද ලිපියක් මඟින් 2025 ජනවාරි 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සිය සමාගමේ මෙහෙයුම් වියදම් අඩු කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම අරමුණු කරගනිමින්, ආයතනය ප්‍රතිසංසකරණ ක්‍රියාවලියකට නතු කරන බව දැනුම් දී තිබෙනවා.

දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක වු ඔරුවන් පුවත්පතේ මාධ්‍යවේදීන් 10 දෙනෙක්, වෙබඩවියෙහි මාධ්‍යවේදීන් 2 ක් සහ ඔරුවන් ඩිජිටල් අංශයේ මාධ්‍යවේදීන් 3 දෙනෙකු සේවය කර තිබෙනවා.

එමෙන්ම, සිංහල මාධ්‍යයෙන් කටයුතු කළ මොණරා වෙබ් අඩවියේ මාධ්‍යවේදින් 6 දෙනෙකු සහ මොණරා ඩිජිටල් අංශයේ මාධ්‍යවේදීන් 7 දෙනෙකු කටයුතු කර තිබෙනවා.

මෙම මාධ්‍යවේදීන් අතරින් 9 දෙනෙකු හැර අනෙකුත් අයට 2025 ජනවාරි මාසය අවසාන වන විට සේවයෙන් ඉවත් වෙන ලෙස කළමණාකාරිත්වය විසින් දැනුම් දී ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම, මාර්තු මාසය වන විට මොණරා සහ ඔරුවන් සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට නියමිත බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

POPULAR ARTICLES