27.8 C
Colombo
Monday, December 2, 2024

ප්‍රමිතියෙන් තොර කෑම පෙට්ටි සහ වතුර බෝතල්

- Advertisement -

පාසල් දරුවන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහොමයක් ප්‍රමිතියෙන් තොර ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මෙලෙස ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

මෙම උපකරණ ඉතාමත් අවදානම් ලෙස දරුවන්ට බළපෑම් කරන බව මේ සම්බන්ධව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

“දරුවෝ භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල් 75%කට එහා ප්‍රමාණයක් නුසුදුසු ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කරපුවා කියලා ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. චීනය වැනි රටවලින් ආනයනය කරනවා පාලනයකින් තොරව. ඉතාමත් අවදානම් විදිහට දරුවන්ට මේවා බළපෑම් කරනවා.”

පාසැල් දරුවන් වෙනුවෙන් වෙළඳපොලේ ඇති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ප්ලාස්ටික් කෑම පෙට්ටි මිලදී ගැනීමට මව්පියන් පෙලඹී සිටින නමුත් එහි ප්‍රමිතිය පිළිබඳව බොහෝ මව්පියන් උනන්දුවක් නොදක්වන අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ මව්පියන් මිලෙන් අඩු ප්ලාස්ටික් වතුර බෝතල් හා කෑම පෙට්ටි දරුවන් වෙනුවෙන් මිලදී ගැනීමට පෙළඹී සිටිනවා.

කෙසේ වෙතත් ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතයෙන් මතුවන සෞඛ්‍යය අවදානම ඉතා ඉහළ වන අතර ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදුවෙමින් පවතින බව ලෝක පිළිකා සංගමය ද අනාවරණ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES