27.8 C
Colombo
Wednesday, June 25, 2025

අජිත් රෝහණට හදිසි මාරුවක්. තවත් 7 ක් මාරු

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු  ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

ලලිත් පතිනායක මහතාට මාසයක කාලයක් ඇතුළත ලබාදුන් දෙවනි ස්ථාන මාරුව මෙය වනවා.

මීළඟ පොලිස්පති ධූරය සඳහා ලලිත් පතිනායක මහතාගේ නමද යෝජනා වී තිබීම විශේෂත්වයක්.

එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරුකර තිබෙනවා.

2022/04/01 දිනයෙන් පසුව ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුනු තුන්වන ස්ථාන මාරුව එය වනවා.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.පී. මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර තිබෙනවා.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. කේ ජයලත් මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබෙන බවට වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

ඉන්ධන හිඟය ගැන සංස්ථාව කියන කතාව

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස...

POPULAR ARTICLES