පකිස්තානය තුල වාර්තා වන කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසනය ලොව අන් රටවලට සාපේක්ෂව ඉතා භයානක ලෙස ඉහළ මට්ටමකට පත්ව තිබෙනවා.
එක්සත් ජනපද සාම ආයතනය (USIP) ඇස්තමේන්තු කරන්නේ පකිස්තානයේ කාන්තාවන්ගෙන් 28% ක් වයස අවුරුදු 50 ට පෙර ඔවුන්ගේ ජීවිත තුළ යම් ආකාරයක ශාරීරික හිංසනයකට මුහුණ දී ඇති බවයි.
කාන්තාවන්ට එරෙහි හිංසනයේ නිරන්තර තර්ජනය නිසා බොහෝ කාන්තාවන්ට ගෘහ සේවිකාවන් ලෙස වැඩ කිරීමට සිදුව ඇති අතර බොහෝ විට එහි ප්‍රතිඵලයක් ලෙස ඹවුන්ට හිමිවන්නේ ඉතාම සුළු වැටුපක්.
පකිස්ථාන ජනගහනයෙන් 49%ක් කාන්තාවන් වන නමුත් USIP වලට අනුව එහි ශ්‍රම ආදායමෙන් 18%ක් පමණක් කාන්තාවන්ට හිමිවීම කණගාටුවට කරුණක්.
පකිස්තාන රජය බොහෝ විට පහත් සමාජ පන්තිවල කාන්තාවන්ට, විශේෂයෙන්ම නිවෙස් පදනම් කරගත් කම්කරුවන්ට නීතිමය ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව ලබා දීම ප්‍රතික්ෂේප කරනවා.
පකිස්තානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අර්බුදය විශේෂයෙන් පැහැදිලි වන්නේ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි පරිසරයන් තුළ කාන්තාවන්ට සමාජ ආරක්ෂණයට ප්‍රවේශ විය නොහැකි සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජනවලට මුහුණ දීමට නිරන්තරයෙන්ම සිදුවීම නිසායි.
2018 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ පකිස්තාන කාන්තාවන්ගෙන් 48.6% ක් පමණ ඔවුන්ගේ ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා ඔවුන්ට ලබා ගත හැකි සම්පත් වලින් තෘප්තිමත් කර ඇති බවයි.
කාන්තාවන්ට එරෙහි මෙම අසමානතා සහ අසාධාරණයන් නිසා පාකිස්ථානයේ කාන්තාවන් පිරිමින්ට වඩා දරිද්‍රතාවයෙන් පෙළෙන අතරම ගෘහ සේවයේ බර ද උසුලයි.
අධ්‍යාපනය තුළද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් පාකිස්ථානය තුල බහුලව පවතින අතර 2021 දී කළ සමීක්ෂණයකින්, පිරිමින්ට වඩා කාන්තාවන්ගේ සාක්ෂරතා අනුපාතය 22%ක් අඩු බව සොයා ගෙන තිබෙනවා.
සමාජ අවාසි, ප්‍රචණ්ඩත්වයේ තර්ජන සහ දරිද්‍රතාවය අතර සම්බන්ධය පාකිස්තානයේ වෙසෙන කාන්තාවන්ට විෂම චක්‍රයකි.
ලෝක ආර්ථික සංසදයේ ස්ත්‍රී – පුරුෂ වෙනස්කම් අනුව (Global Gender Gap 2021) දර්ශකයට අනුව පකිස්ථානය රටවල් 156න් 153 වැනි නරකම ස්ථානයකට පත් විය.
එය 2020 දී 153 න් 151 වැනි ස්ථානයට පත් විය.
2018 දී තෝමස් රොයිටර් පදනමේ මත විමසුමක දී, පකිස්තානය කාන්තාවන් සඳහා ලොව හයවැනි භයානකම රට ලෙස ශ්‍රේණිගත විය.
පකිස්තානයේ මානව හිමිකම් කොමිසම (HRCP) පසුගිය වසරේ ගෘහස්ථ සහ අන්තර්ජාල ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලිවල වැඩිවීමක් වාර්තා කළ අතර, කෙවිඩ් 19 වසංගතය තුළ කාන්තාවන්ගේ වැඩි අවධානමක් පෙන්නුම් කළා.
HRCP විසින් 2020 දී ගෞරවනීය ඝාතන සිද්ධීන් 430 ක් වාර්තා කර ඇති අතර, වින්දිතයන් 363 දෙනෙකු ඊට සම්බන්ධ විය.
පන්ජාබ් පොලිසිය 2021 වසරේ පළමු මාස හතර තුළ එක් පළාතක පමණක් සමූහ දූෂණ 53ක් ලියාපදිංචි කර ඇත්තේ පාකිස්ථාන කාන්තාව මුහුණ දෙන කෘරත්වයේ තරම ලොවට කියා පාමින්.
පකිස්ථානයේ කාන්තා අයිතිවාසිකම්වල බිහිසුණු තත්ත්වය හෙළිදරව් කරමින්, විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබාගත් මෑත දත්ත වලට අනුව, සින්ද් ප්‍රාන්තයේ ශාරීරික පහරදීම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ගෞරවනීය ඝාතන ඇතුළු විවිධ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වූ කාන්තාවන් සංඛ්‍යාව 257 ක්.
මෙම සිද්ධීන් 257 න් කාන්තාවන් 70 ක් ශාරීරික පහරදීම්වලට ලක් වූ අතර, 46 ක් දූෂණයට ලක්ව තිබෙනවා.
කාන්තාවන් 38 ක් ගෘහස්ථ හිංසනයටත්, 29 ක් පැහැරගැනීම් වලටත් ලක්ව ඇති බව එරටින් වාර්තා වනවා.
සින්ද් ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සහ අයිතිවාසිකම් ලබාදීමේදී බලධාරීන් සම්පූර්ණයෙන්ම අසමත් වී තිබෙනවා.
පකිස්තානයේ නීති ඕනෑ තරම් තිබියදීත් මේ සියල්ල සිදුවෙමින් පැවතීන විමතියට කරුණක්.
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය (වැළක්වීමේ සහ ආරක්ෂණ පනත) 2013, කාන්තා තත්ත්‍වය පිළිබඳ සින්ද් කොමිසම 2015, ලිංගික හිංසන විරෝධී නීතිය (සේවා ස්ථානවලදී කාන්තාවන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ පනත 2010), අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය (සහ PPC) (තෙවන සංශෝධනය) පනත 2011, කාන්තා විරෝධී පිළිවෙත් (අපරාධ නීති සංශෝධන) පනත, 2008 සහ සින්ද් ළමා විවාහ සීමා කිරීමේ පනත 2013 , කාන්තාවන් ගේ ආරක්ෂව වෙනුවෙන් ඇති නීති වලින් සමහරක්.
පකිස්‌තාන සමාජය එහි කාන්තාවන් කෙරෙහි දක්වන පටු ආකල්පය, ගෞරවයේ නාමයෙන් කරන ම්ලේච්ඡ ඝාතන ස්වරූපයෙන් දිගටම ප්‍රදර්ශනය වනවා.
මේ වසරේ මැයි මාසයේදී කාන්තාවන් පැහැරගැනීම්, ස්ත්‍රී දූෂණ සහ කාන්තා හිංසන පිළිබඳ උපරිම සිද්ධීන් සංඛ්‍යාව පාකිස්තානය විසින් වාර්තා කර ඇති බව තිරසාර සමාජ සංවර්ධන සංවිධානය (SSDO) සහ පර්යේෂණ, සංවර්ධන මධ්‍යස්ථානයේ පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් The News International වාර්තා කර තිබෙනවා.
දත්ත වලට අනුව, කාන්තා හා ළමා අපචාර පිළිබඳ සියලුම දර්ශක අතරින් උපරිම සිද්ධීන් සංඛ්‍යාව පන්ජාබ් පළාතෙන් වාර්තා වී ඇති අතර ඉන් පසුව සින්ද් සහ කයිබර් පක්තුන්ක්වා වලින් වැඩි සිදුවීම් සංඛ්‍යාවක් වාර්තා වනවා. .
පකිස්ථානයේ මානව හිමිකම් කොමිසමේ (HRCP) මෑත වාර්තාවට අනුව, පකිස්ථානයේ දිනකට අවම වශයෙන් ස්ත්‍රී දූෂණ 11ක් වාර්තා වන අතර පසුගිය වසර හය තුළ (2015-21) එවැනි සිදුවීම් 22,000 කට වඩා වැඩි ප්‍රමාණයක් පොලිසියට වාර්තා වී තිබෙනවා.
පාකිස්ථාන සමාජ මාධ්‍ය තරුවක් වන Qandeel Baloch, කාන්තාවන් සම්බන්ධයෙන් පකිස්තානයේ ආකල්පවලට අනපේක්ෂිත ලෙස අභියෝග කිරීම නිසා ඇගේ සහෝදරයා විසින් ගෙල සිර කර මරා දැමූ විට, ක්‍රියාකාරීන් ඇයගේ ඝාතනය සඳහා සටන් කළේ ඊනියා “ගෞරවනීය” ඝාතන සම්බන්ධයෙන් යුක්තියේ නව යුගයක් ඇති කිරීමටයි.
කෙ වෙතත් ඇගේ මිනීමරුවා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට නියම වුණත් වසර තුනකට අඩු කාලයකදී පසුගිය පෙබරවාරියේදී මුදාහැරීම, මගින් අවධාරණය කර ඇත්තේ රටේ නීති පද්ධතිය තවමත් පිරිමින්ට දණ්ඩමුක්තිය නොමැතිව කාන්තාවන් අපයෝජනය කිරීමට, දූෂණය කිරීමට සහ ඝාතනය කිරීමට ඉඩ සලසන ආකාරයයි.
පකිස්ථානයේ, හිඩැස්වලින් පිරුණු නීති පද්ධති එරට කාන්තාවන් තවදුරටත් අදුරෙන් අදුරටම තල්ලු කර තිබෙනවා.
“කාන්තාවකට එරෙහිව අපරාධයක් සිදු වූ මොහොතේ සිට එය පොලිසියේ ලියාපදිංචි කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම – පසුව අධිකරණ ක්‍රියා පටිපාටිය – යුක්තිය නොපැහැදිලි වන ආකාරයට ව්‍යුහගත කර ඇත, එරට ප්‍රමුඛ අයිතිවාසිකම් ක්‍රියාකාරින් පෙන්වා දෙනවා.
ඒ අනුව පෙනී යන්නේ නිකාබයෙන් සිය හිස වසාගෙන සිටින පාකිස්තානයේ කාන්තාවන් ගෙන් බහුතරයක්ම මේවන විට දැවැන්ත ලිංගික හා සාමාජීය ආතතියකට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් කාන්තා අයිතිවාසිකම් පෙන්වා බලයට පැමිණෙන එරට පාලකයන් පාකිස්තාන කාන්තාව දශක ගණනාවක් පුරා සමච්චලයට ලක්කර ඇති බව සක්සුදක් සේ පැහැදිලි කරුණක්.