සුපිරි කේ පොප් තරුවක් වන ෂුගා බීමතින් ස්කූටරයක් පැදවීම සම්බන්ධයෙන් සිය රසිකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
සුප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයෙකු වන 31 හැවිරිදි Suga හෙවත් Min Yoon-gi Weverse හි සටහනක් තබමින් පවසා ඇත්තේ බීමත්ව ස්කූටරයක් ධාවනය කිරීම හේතුවෙන් එරට රථ වාහන නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි.
තමාගේ නොසැලකිලිමත් සහ වැරදි හැසිරීම හේතුවෙන් සිත් තැවුලට පත් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු එම සටහන මඟින් පවසා තිබෙනවා.
“ඊයේ මම රාත්‍රී ආහාරය ගන්නා අතරතුර මත්පැන් පානය කර විදුලි ස්කූටරයක නැගී ආපසු ගෙදර ආවා. මම හිතුවේ ඒ කෙටි දුරක් කියලා, මත්පැන් පානය කර විදුලි ස්කූටරයක් පැදීමට නොහැකි බව මම දැනගෙන හිටියේ නැහැ. මගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිට විදුලි ස්කූටරය නවතා තිබියදී මම තනිවම බිම ඇද වැටුණා, ඒ ආසන්නයේ සිටි පොලිසිය මගේ ශරීරයේ මත්පැන් මට්ටම මැන බැලුවා, ඔවුන් මට දඩයක් නියම කර මගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කළා,”
ෂුගා මේ වන විට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයේ සමාජ සේවා නියෝජිතයෙකු ලෙස සේවය කරන බැවින් ඔහුට විනය ක්‍රියාමාර්ගවලට යටත් වීමට සිදුවිය හැකි බව තවදුරටත් වාර්තා වෙනවා.