සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (11) පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ.
පාරිභෝගියන්ට අවශ්‍ය සීනි හිඟයකින් තොරව ලබා දෙන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ව්‍යාපාරිකයන්ට දැනුම් දී ඇත.
හෙට දිනයේ සීනි පාලන මිල ඉවත් කිරීමට සම්බන්ධ ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිතයි.