26 C
Colombo
Wednesday, February 19, 2025

සීනි 125ට, ළඟදීම – අලගියවන්න

- Advertisement -

සීනි මිල ලබන සතියේ සිට අඩු කිරීම වෙන්‍ය්වෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

සීනි වලට පාලන මිලක් නොමැති නිසා වැටළීම් කළ නොහැකි නමුත් පාලන මිලක් පැනවීමද ප්‍රායෝගික නොවන බවත් ඔහු පවසනවා කෙසේ නමුත් සීනි මිල උපරිමය රු. 125කට වඩා අඩුමිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය රජය දැනටමත් ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

මෙරට වෙළෙඳපොළ තුළ මේ වන විට සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 200කට වඩා වැඩි මිලකටයි.

සති කිහිපයක් තුළ සීනි කිලෝවක් රුපියල් 100කට වැඩි මිලකින් ඉහළ ගොස් තිබුණද ම්බන්ධයෙන් තමන්ට කළ හැකි කිසිවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා මින් පෙර අවස්ථාවකදී කියා සිටියා.

මෙසේ සීනි මිල ඉහළ දමා ඇත්තේ, ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් ලෙස නොවෙනස්ව පවතින පසුබිමකයි.

මෙම මිල වැඩි කිරීම කූඨ වෙළෙඳුන් විසින් සිදුකරන බවට හඳුනාගෙන නමුත් ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි ඔහු එහිදී පවසා සිටියේ.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES