32 C
Colombo
Friday, April 19, 2024

වැටලීම් ඉවරයි. සීනි ආනයනයට යළිත් අවසර

- Advertisement -

සීනි ආනයනය කිරීමට යළිත් අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කරනවා.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ සීනි ආනයනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.

මෙරට සීනි හිඟයක් ඇතිව ඇත්තේ වෙළෙඳුන් සීනි තොග සඟවා ගෙන සිටින බැවින් යැයි පවසා පාරිභෝගික කටයුතු අධිකාරිය සඟවා ඇති සීනි තොග සොයා පසුගිය ජුනි මාසයේ සිට වැටලීම් ආරම්භ කළා.

ඒ අනුව වත්තල, හුණුපිටිය, බ්ලූමැන්ඩල්, ඔරුගොඩවත්ත යනාදී ප්‍රදේශවල ගබඩාවල තිබූ සීනි තොග පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගෙන සතොස හා සමූපකාර හරහා වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූවා.

එහෙත් වෙළෙඳපොලේ සීනි හිඟයක් දිගින් දිගටම පැවති අතර සීනි සඳහා පාලන මිලක් දමා තිබුණද එම මිලට සීනි මිලදී ගැනීමට තැනක් නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කළා.

RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...